පළමුව admin dashboard එක වෙත පැමිණ එහි ඇති settings tab එක click කරන්න. Settings Tab ඉන්පසු පැමිණෙන මුහුණතෙහි Config tab එක click කර එහි පහලට ගොස් Terrareach API Details කොටසට පැමිනෙන්න. Config Tab TR API Details මෙහිදී ඔබට ඔබේ ආයතනයේ නම සහිත Sender ID එකක් සහ API key එකක් ඇතුලත් කිරීමට සිදුවේ. ඒ සඳහා පහත පරිදි link එක කරන්න. TR Link එහිදී ඔබට terrareach.com හි ලියාපදිංචි වීමට සිදුවේ. අනතුරුව පහත පරිදි මුහුණතක් දිස්වේ. එහි ඔබ ලියාපදිංචි වූ නම සහිත dropdown එක click කර settings වෙත යන්න. TR Settings එහි Sender IDs tab එක click කර ඔබේ ආයතනයට SMS යැවීමට අවශ්‍ය Sender ID එක ඉල්ලුම් කරන්න. TR Sender IDs අනතුරුව API Keys tab එක click කර API Key එකක් සාදා ගන්න. TR API Keys මෙම icon එක click කිරීමෙන් ඔබට සාදාගත් API Key එක copy කර ගත හැකිය. TR API Key Copy ඉන්පසු නැවත klass.lk වෙත පැමිණ එහි ඇති මෙම Edit Button එක click කරන්න. Add TR API ඉන්පසු TerraReach Sender ID හි ඔබ ඉල්ලුම් කරන ලද Sender ID එක නිවැරදිව ඒ ආකාරයෙන්ම ඇතුලත් කර TerraReach API Key හි ඔබ සාදා ගත් API Key එක ඇතුලත් කර Save Changes Button එක click කරන්න. Save TR API දැන් ඔබ සාර්ථකව ඔබේ අධ්‍යාපන ආයතනයේ නමින් SMS යැවීමට සියල්ල සූදානම් කරගෙන අවසන්. ඔබේ ආයතනයට සිසුන් ලියාපදිංචි වීමේදී, මුදල් ගෙවීමේදී SMS මගින් පණිවිඩය සිසුන්ට ලැබේ.