Skip to main content
මේ සඳහා පළමුව ඔබගේ Zoom account එක හරහා පහත වෙබ් පිටුවට පිවිසෙන්න. https://marketplace.zoom.us/ Zoom Marketplace Zoom account එකට log වූ පසු පහත පරිදි develop button එකෙන් එන dropdown menu එකෙහි build app click කරන්න. Zoom Develop App Zoom Develop App ඉන්පසු එන මුහුණතෙහි පහලට ගමන් කළ පසු ඇති Server-to-Server OAuth හි ඇති create button එක click කරන්න. Zoom Server to server ඉන්පසු ඔබ නිර්මාණය කරන app එකට නමක් ඇතුලත් කරන්න. මෙයට ඔබේ අධ්‍යාපන ආයතනයේ නම වුවත් ඇතුලත් කළ හැකිය. Zoom App Name මෙහි ඇති create button එක කළ පසු ඔබට අවශ්‍ය keys දිස්වේ. නමුත් මෙය active කර ගැනීමට තව පියවර කිහිපයක් සිදු කල යුතුය. Zoom App Keys App එක active කර ගැනීමේ ඉදිරි පියවර සඳහා continue button එක click කරන්න. Zoom App Active ඉන්පසු ඔබගේ විස්තර ඇතුලත් කර ඊලඟ පියවරට යන්න. Zoom App Details Features හි ඔබට ඇතුලත් කිරීමට කිසිවක් නැත. එම නිසා continue කර ඊලඟ පියවරට යන්න. Scopes හි ඔබට පහත දත්ත select කිරීමට සිදුවේ. මුලින්ම Add scope button එක කරන්න. Zoom App Scope ඉන්පසු එන මුහුණතෙහි පහත සඳහන් දෑ select කරන්න. Zoom App Scope Zoom App Scope ඉන්පසු ඔබ සඳහන් කළ දෑ පහත පරිදි දිස්වේ. ඊලගට Continue button එක කරන්න. Zoom App Confirm අවසාන වශයෙන් ඊලගට පැමිණෙන මුහුණතෙහි Activate your app button එක click කරන්න. Zoom App Activation දැන් ඔබ Zoom app එකක් සාදාගෙන එය activate කරගෙන අවසන්ය. ඊලගට ඇත්තේ කලින් දිස්වූ keys Klass platform එකට එකතු කර ගැනීමය. Zoom App Keys දැන් ඔබගේ Klass account එකට log වී settings වලට යන්න. Settings Tab ඉන්පසු එහි ඉහල ඇති config tab එකට යන්න. Settings Config එහි පහලට පැමිණි පසු Zoom API details කොටස දිස්වේ. Zoom API එහි edit button එක කරන්න. Zoom API Edit ඉන්පසු ඔබ සාදාගත් Zoom app එකෙහි keys ඇතුලත් කර save කරන්න. Zoom API Keys දැන් ඔබ සාර්ථකව Zoom Meeting, Klass LMS වෙත එකතු කරගෙන අවසන්ය. දැන් Zoom වෙත නොගොස් Klass.lk LMS එක තුලින්ම live classes සාදා ගැනීමට හැකියාව පවතී.