klass.lk වෙබ් අඩවිය වෙත පිවිස Start teaching ලෙස ඇති Button එක කරන්න.

Register Buttons

එවිට ඔබව පහත ආකාරයේ මුහුණතකට පිවිසේ.

Register Institute

මෙහි ඔබගේ ආයතනයේ හෝ ඔබගේ වළංගු email ලිපිනයක් හා නිවැරදි ජංගම දුරකතන අංකයක් ඇතුළත් කරන්න.

එසේ ඇතුළත් කර submit button එක එබූ පසු ඔබ සැපයූ email ලිපිනයට හා දුරකතන අංකයට verification code දෙකක් පැමිණේ.

Register Verification Register Verification

ඒවා නිවැරදිව පහත මුහුණතේ ඇති පරිදි නිවැරදිව ඇතුලත් කර verify button එක click කරන්න.

Verification

ඉන්පසු ඔබට ඔබගේ ආයතනයේ හෝ පන්තියේ තොරතුරු ඇතුලත් කල හැකි පෝරමයක් දිස්වේ.

Institute Details

මෙහි ඔබගේ ආයතනයේ හෝ පන්තියේ නිවැරදි තොරතුරු ඇතුලත් කරන්න. මෙහි Package ලෙස දක්වා ඇත්තේ ඔබට තෝරා ගැනීමට ඇති Klass.lk pricing plans වේ. Free Package/Trial තෝරා ගත්විට ඔබට නොමිලයේ මෙම සේවාව ලබා ගැනීමට හැකියාව ඇත. වැඩි විස්තර මෙම link එක click කිරීමෙන් දැන ගත හැකිය.

Academy Details

ඔබ domain නාමයක් මිලදී ගෙන නැත්නම් sub domain name ලෙස ඔබගේ ආයතනයේ නම හෝ ඔබව හදුනාගැනීමට පහසු නමක් ඇතුලත් කරන්න. එවිට ඔබගේ වෙබ් අඩවියේ ලිපිනය (ඔබ-ඇතුලත්-කල-නම.klass.lk) ලෙස නිර්මාණය වේ.

ඔබට domain නාමයක් තිබේ නම් පහත පරිදි ඊතල දෙක click කර domain නාමය ඇතුලත් කිරීමේ පහසුකම ලබා ගන්න.

Domain Switch

එවිට ඔබගේ domain නාමයේ DNS Records 52.77.209.128 ට යොමු කල යුතුය.

Own domain

ඉන්පසුව ඔබට ඔබගේ ආයතනයේ Logo එකක් තිබේ නම් එය ඇතුලත් කිරීමට අවස්තාව හිමිවේ.

Institute Logo

එය ඔබගේ පරිඝණකයෙන් තෝරා upload කල පසු එහි විශාලත්වය වෙනස් කිරීමට සිදුවේ. එය නිවැරදි පරිදි ස්ථාන ගත කර Crop button එක click කිරීමෙන් පහසුවෙන් සිදු කරගත හැකිය.

Logo Crop

ඉන්පසු ආයතනයේ හිමිකරුගේ තොරතුරු ඇතුලත් කර මුරපදයක් යොදන්න.

Admin Details

ඔබ ඔබගේ ආයතනයේම ගුරුවරයෙක් ලෙස කටයුතු කරනවා නම් I am a teacher ලෙස ඇති කොටුව click කර submit කරන්න.

Teacher Check

ඉන්පසු klass.lk විසින් ස්වයංක්‍රීයව ඔබගේ ආයතනය නිර්මාණය කරනු ලබයි. මේ සඳහා තත්ත්පර 3ක පමණ කාලයක් ගත වන අතර ඔබගේ මුහුණතෙහි ඔබ ඇතුලත් කල තොරතුරු සැකසෙන ආකාරය දිස්වේ.

Institute Creation

සුබ පැතුම්! ඔබගේ ආයතනය සාර්තකව ඔබ නිර්මාණය කරගෙන අවසන්.

ඉන්පසු Go to website button එක click කර ඔබගේ ආයතනයට log වෙන්න. මේ සඳහා ඔබ මුලින්ම ඇතුලත් කල email ලිපිනය හා ආයතනයේ හිමිකරුගේ තොරතුරු ඇතුලත් කිරීමේදී ලබා දුන් මුරපදය ඇතුලත් කරන්න.

Institute Login

දැන් ඔබට ඔබම සකසාගත් අලුත්ම online institute එක හරහා උගන්වන්න පටන් ගන්න පුලුවන්.

Institute Dashboard