> ## Documentation Index
> Fetch the complete documentation index at: https://facts.klass.lk/llms.txt
> Use this file to discover all available pages before exploring further.

# Klass.lk වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වීම

> Klass.lk නියෝජිතයෙකුගේ සහයක් නොමැතිව ඔබගේ ආයතනය හෝ පන්තිය ලියාපදිංචි කරන ආකාරය දැන ගනිමු.

[klass.lk](https://klass.lk) වෙබ් අඩවිය වෙත පිවිස Start teaching ලෙස ඇති Button එක කරන්න.

<img src="https://mintcdn.com/klass/JUc6WXzS7xH35dT6/images/klass-register/register-buttons.png?fit=max&auto=format&n=JUc6WXzS7xH35dT6&q=85&s=6f50fb6df3ff650446dd51dbc7abaf89" alt="Register Buttons" width="1366" height="651" data-path="images/klass-register/register-buttons.png" />

එවිට ඔබව පහත ආකාරයේ මුහුණතකට පිවිසේ.

<img src="https://mintcdn.com/klass/JUc6WXzS7xH35dT6/images/klass-register/register-institute.png?fit=max&auto=format&n=JUc6WXzS7xH35dT6&q=85&s=8730d420208d820c1420bc7865eb1530" alt="Register Institute" width="1024" height="476" data-path="images/klass-register/register-institute.png" />

මෙහි ඔබගේ ආයතනයේ හෝ ඔබගේ වළංගු email ලිපිනයක් හා නිවැරදි ජංගම දුරකතන අංකයක් ඇතුළත් කරන්න.

එසේ ඇතුළත් කර submit button එක එබූ පසු ඔබ සැපයූ email ලිපිනයට හා දුරකතන අංකයට verification code දෙකක් පැමිණේ.

<img src="https://mintcdn.com/klass/JUc6WXzS7xH35dT6/images/klass-register/mobile-verification.jpeg?fit=max&auto=format&n=JUc6WXzS7xH35dT6&q=85&s=99dd8eaff2e369c5a7c530fb7f1cb597" alt="Register Verification" width="300" height="233" data-path="images/klass-register/mobile-verification.jpeg" />

<img src="https://mintcdn.com/klass/JUc6WXzS7xH35dT6/images/klass-register/email-verification.png?fit=max&auto=format&n=JUc6WXzS7xH35dT6&q=85&s=ed18949d317bf294e33970bd95f1425a" alt="Register Verification" width="1024" height="476" data-path="images/klass-register/email-verification.png" />

ඒවා නිවැරදිව පහත මුහුණතේ ඇති පරිදි නිවැරදිව ඇතුලත් කර verify button එක click කරන්න.

<img src="https://mintcdn.com/klass/JUc6WXzS7xH35dT6/images/klass-register/verification.png?fit=max&auto=format&n=JUc6WXzS7xH35dT6&q=85&s=d55c3ad2fcf2d72505f48ea401b620a0" alt="Verification" width="1024" height="476" data-path="images/klass-register/verification.png" />

ඉන්පසු ඔබට ඔබගේ ආයතනයේ හෝ පන්තියේ තොරතුරු ඇතුලත් කල හැකි පෝරමයක් දිස්වේ.

<img src="https://mintcdn.com/klass/JUc6WXzS7xH35dT6/images/klass-register/institute-details.png?fit=max&auto=format&n=JUc6WXzS7xH35dT6&q=85&s=0c853f20faf647d350b9ea08ef4d16e4" alt="Institute Details" width="1024" height="1013" data-path="images/klass-register/institute-details.png" />

මෙහි ඔබගේ ආයතනයේ හෝ පන්තියේ නිවැරදි තොරතුරු ඇතුලත් කරන්න. මෙහි Package ලෙස දක්වා ඇත්තේ ඔබට තෝරා ගැනීමට ඇති Klass.lk pricing plans වේ. Free Package/Trial තෝරා ගත්විට ඔබට නොමිලයේ මෙම සේවාව ලබා ගැනීමට හැකියාව ඇත. වැඩි විස්තර මෙම [link](https://klass.lk/pricing) එක click කිරීමෙන් දැන ගත හැකිය.

<img src="https://mintcdn.com/klass/JUc6WXzS7xH35dT6/images/klass-register/academy-details.png?fit=max&auto=format&n=JUc6WXzS7xH35dT6&q=85&s=464557dc3b8ef2bfcf404495735a90cb" alt="Academy Details" width="1024" height="476" data-path="images/klass-register/academy-details.png" />

ඔබ domain නාමයක් මිලදී ගෙන නැත්නම් sub domain name ලෙස ඔබගේ ආයතනයේ නම හෝ ඔබව හදුනාගැනීමට පහසු නමක් ඇතුලත් කරන්න. එවිට ඔබගේ වෙබ් අඩවියේ ලිපිනය (ඔබ-ඇතුලත්-කල-නම.klass.lk) ලෙස නිර්මාණය වේ.

ඔබට domain නාමයක් තිබේ නම් පහත පරිදි ඊතල දෙක click කර domain නාමය ඇතුලත් කිරීමේ පහසුකම ලබා ගන්න.

<img src="https://mintcdn.com/klass/JUc6WXzS7xH35dT6/images/klass-register/domain-switch.png?fit=max&auto=format&n=JUc6WXzS7xH35dT6&q=85&s=6be2e21c361de87ea4b89baeeddebde2" alt="Domain Switch" width="1024" height="475" data-path="images/klass-register/domain-switch.png" />

එවිට ඔබගේ domain නාමයේ DNS Records 52.77.209.128 ට යොමු කල යුතුය.

<img src="https://mintcdn.com/klass/JUc6WXzS7xH35dT6/images/klass-register/own-domain.png?fit=max&auto=format&n=JUc6WXzS7xH35dT6&q=85&s=efd3e73935d2b7a54424f1fc8a088843" alt="Own domain" width="1024" height="476" data-path="images/klass-register/own-domain.png" />

ඉන්පසුව ඔබට ඔබගේ ආයතනයේ Logo එකක් තිබේ නම් එය ඇතුලත් කිරීමට අවස්තාව හිමිවේ.

<img src="https://mintcdn.com/klass/JUc6WXzS7xH35dT6/images/klass-register/institute-logo.png?fit=max&auto=format&n=JUc6WXzS7xH35dT6&q=85&s=9104561e1558aeddfbdef622ca94fa6e" alt="Institute Logo" width="1024" height="476" data-path="images/klass-register/institute-logo.png" />

එය ඔබගේ පරිඝණකයෙන් තෝරා upload කල පසු එහි විශාලත්වය වෙනස් කිරීමට සිදුවේ. එය නිවැරදි පරිදි ස්ථාන ගත කර Crop button එක click කිරීමෙන් පහසුවෙන් සිදු කරගත හැකිය.

<img src="https://mintcdn.com/klass/JUc6WXzS7xH35dT6/images/klass-register/logo-crop.png?fit=max&auto=format&n=JUc6WXzS7xH35dT6&q=85&s=857eaf5b67f47a674c404da10bd12fa6" alt="Logo Crop" width="1024" height="476" data-path="images/klass-register/logo-crop.png" />

ඉන්පසු ආයතනයේ හිමිකරුගේ තොරතුරු ඇතුලත් කර මුරපදයක් යොදන්න.

<img src="https://mintcdn.com/klass/JUc6WXzS7xH35dT6/images/klass-register/admin-details.png?fit=max&auto=format&n=JUc6WXzS7xH35dT6&q=85&s=3ddd0377cb79bc3f3c0b007a351fd108" alt="Admin Details" width="1024" height="476" data-path="images/klass-register/admin-details.png" />

ඔබ ඔබගේ ආයතනයේම ගුරුවරයෙක් ලෙස කටයුතු කරනවා නම් I am a teacher ලෙස ඇති කොටුව click කර submit කරන්න.

<img src="https://mintcdn.com/klass/JUc6WXzS7xH35dT6/images/klass-register/teacher-check.png?fit=max&auto=format&n=JUc6WXzS7xH35dT6&q=85&s=4887793161c1b110cbb4003e14fab8b9" alt="Teacher Check" width="1024" height="476" data-path="images/klass-register/teacher-check.png" />

ඉන්පසු klass.lk විසින් ස්වයංක්‍රීයව ඔබගේ ආයතනය නිර්මාණය කරනු ලබයි. මේ සඳහා තත්ත්පර 3ක පමණ කාලයක් ගත වන අතර ඔබගේ මුහුණතෙහි ඔබ ඇතුලත් කල තොරතුරු සැකසෙන ආකාරය දිස්වේ.

<img src="https://mintcdn.com/klass/JUc6WXzS7xH35dT6/images/klass-register/institute-create-success.png?fit=max&auto=format&n=JUc6WXzS7xH35dT6&q=85&s=19c3cee441cb92d3c1c159351d703254" alt="Institute Creation" width="1024" height="476" data-path="images/klass-register/institute-create-success.png" />

සුබ පැතුම්! ඔබගේ ආයතනය සාර්තකව ඔබ නිර්මාණය කරගෙන අවසන්.

ඉන්පසු Go to website button එක click කර ඔබගේ ආයතනයට log වෙන්න. මේ සඳහා ඔබ මුලින්ම ඇතුලත් කල email ලිපිනය හා ආයතනයේ හිමිකරුගේ තොරතුරු ඇතුලත් කිරීමේදී ලබා දුන් මුරපදය ඇතුලත් කරන්න.

<img src="https://mintcdn.com/klass/JUc6WXzS7xH35dT6/images/klass-register/institute-login.png?fit=max&auto=format&n=JUc6WXzS7xH35dT6&q=85&s=742965b979b43a61ad4f9956928c7a58" alt="Institute Login" width="1024" height="476" data-path="images/klass-register/institute-login.png" />

දැන් ඔබට ඔබම සකසාගත් අලුත්ම online institute එක හරහා උගන්වන්න පටන් ගන්න පුලුවන්.

<img src="https://mintcdn.com/klass/JUc6WXzS7xH35dT6/images/klass-register/institute-dashboard.png?fit=max&auto=format&n=JUc6WXzS7xH35dT6&q=85&s=af674f73cb74b040137a1b9360af28e8" alt="Institute Dashboard" width="1024" height="492" data-path="images/klass-register/institute-dashboard.png" />

ඉහත පියවර පිළිබඳ අපැහැදිලි තැනක් ඇත්නම් පහත වීඩියෝව නරඹන්න.

<iframe className="w-full aspect-video rounded-md" src="https://www.youtube.com/embed/srWrVfEimko?si=PvM15BH7kJyPNAb_" title="YouTube video player" frameBorder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowFullScreen />
